ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මාසයේ එක්දින සහ තුන්කොන් තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරයක් සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.
සංචාරයට පෙර පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය ගැන සොයා බැලීම සඳහා දෙදෙනකු පාකිස්තානය වෙත ගොස් තිබේ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල හම්බන්තොට ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතු සිදුකරන අතර ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයේදී එක්දින තරග 3කට සහ පාකිස්තාන සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරගාවලියකට ද සහභාගි වෙයි.
මීට පෙර ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනට සහභාගි වීමට නියමිතව තිබුණත් දේශපාලනික අර්බුදයක් මතුවීම මත ඔවුන් පාකිස්තාන සංචාරය අතහැර දැමූහ.
ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරගාවලිය නොවැම්බර් 11 වැනිදා ආරම්භ වන අතර තුන්කොන් තරගාවලිය නොවැම්බර් 17 වැනිදා ඇරැඹේ.
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media









