ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශයට තියුණු ජයක්

0
11

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 04 ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් බංග්ලාදේශ නායක ලින්ටන් දාස් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.

එහිදී දසුන් ශානක පන්දු 37කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කිරීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ පැතුම් නිස්සංක ලකුණු 22ක් ලබා ගැනීමට ද සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී සිය ඉලක්කය හඹා යාමට සමත් විය.

එහිදී සයිෆ් හසන් ලකුණු 66ක් සහ ලින්ටන් දාස් ලකුණු 23ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිම පළමු අදියරේම ශක්තිමත් කිරීම ද සමත් විය.

එමෙන්ම ත්‍රොහිඩ් හිත්‍රොයි ලකුණු 58 ක් ක්ද රැස් කර ගැනීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here