ශ්‍රී ලංකාව තුළ තහනම් පිරමීඩ ක්‍රමවල නිරත වන ආයතන හෝ ඇප් 22ක් මහ බැංකුව හෙළි කරයි

0
3

‘SGO/sgomine.com’ විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(we) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් පසුව මෙම නිර්ණය කිරීම සිදුකළ බව මහ බැංකුව කියයි. මීට අමතරව තවත් ආයතන හෝ යෙදවුම් (ඇප්ස්) 22 ක් මගින් ද තහනම් පිරමිඩ ක්‍රම පවත්වා ඇති බවට මහ බැංකුව විසින් නිර්ණය කර එම නම් ප්‍රසිද්ධ කර ඇත.

පුද්ගලයන් බඳවා ගැනීම මත ප්‍රතිලාභ ලැබෙන හෝ සහභාගිවන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්‍රතිලාභ ලබා දෙන යෝජනා ක්‍රමයක ලක්ෂණ ඇති යෝජනා ක්‍රමයකට කුමන අයුරකින් හෝ සම්බන්ධ වීම, අනුබලදීම හෝ පවත්වා ගෙන යෑම ශ්‍රී ලංකාව තුළ නීතියෙන් දඬුවම් ලැබීමට හේතු වන වරදක් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here