ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා එක්වෙමින් වාස වීසා ලබාගත් පළමු විදේශිකයා

0
2

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා (Residence Visa) ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව ඇත.

ඒ අනුව ඊට අදාළ වාස වීසා අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් අද (1) ඩ්‍රෙශල් මහතාට වෙත ප්‍රදානය කළේය.

අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාලව මෙය ලබා දී ඇත.

මෙම වාස වීසා විශේෂ කාර්යයන් සඳහා පදිංචිවීමේ පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලාංකික නොවන අයෙකුට ලබාදෙන අවසර පත්‍රයක්ය.

තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේශිකයන් අයදුම් කිරීමේදී, අමෙරිකානු ඩොලර් 100 000 හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 05ක වාස වීසාවක් ලබාදේ.

එමෙන්ම අමෙරිකානු ඩොලර් 200 000 හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 10ක වාස වීසාවක් ලබාදීම සිදු කෙරේ.

අදාළ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක, වීසා වැඩසටහන් විදේශ ගිණුමක් (Visa Programme Foreign Currency Account- VPFCA) විවෘත කර ඉහතින් සඳහන් කළ මුදල තැන්පත් කිරීම මගින් මෙම වාස වීසාව ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.

විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකිවන අයුරින් මෙම තනි පුද්ගල ආයෝජන කාණ්ඩයට අදාල වාස වීසා ලබාදීම තුළින් මෙරට තුළ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.

වාස වීසා ලබාදීමට අදාළ නිවේදනය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here