ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ කටුනායක ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන නමුත් මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසා දමා තිබීම හේතුවෙන් ලෝක ගුවන් ගමන් තවමත් දැඩි ලෙස බාධා වී ඇති බවය.
එහෙත් මැදපෙරදිග හරහා නොයන වාණිජ ගුවන් ගමන් කිහිපයක් භාවිතා කළ හැකි බවත්, ගුවන් ගමන් ප්‍රමාදය හෝ අවලංගු වීම පිළිබඳව තම ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ විය යුතු බවත් දැනුම්දී ඇත.
මේ අතර ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයන්ට විකල්ප පිටත්වීම් සැලසුම් කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් දින 14ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමටද පියවර ගෙන තිබේ.
හදිසි සහාය අවශ්‍ය නම් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙ හි අමෙරිකානු පුරවැසි සේවා අංශය (+94 11 202 8500) හරහා සම්බන්ධ විය හැකි අතර, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 1.00 – 2.00 අතර වැඩකරන දිනයන් හිදී සේවාවද ලබාදෙන බව සඳහන් වේ.
එමෙන්ම ගුවන් ගමන්වලට අමතර කරුණු සඳහා ශ්‍රී ලංකා සංචාරක 1912 අංකයට සම්බන්ධ විය හැකි බවද දැනුම්දී ඇත.
අවසන් ආරක්ෂක යාවත්කාලීන තොරතුරු සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙබ් අඩවිය සහ නිල සමාජ මාධ්‍ය නාලිකා අනුගමනය කරන ලෙසද පුරවැසියන්ට උපදෙස් දී තිබේ.
Saru News
















