ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව පිම්මක් පනියි… – Saru News | සිංහල

0
3

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල ලියාපදිංචිය සහිත, මෙරට ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම වන ‘Lily Lanka App’ එළිදැක්වීම ඊයේ (17) කොළඹදී සිදු විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්, සංචාරක නියෝජ්‍ය ඇමති මහාචාර්ය රුවන් රණසිංහගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා දෙස් විදෙස් විශේෂ අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් එක් තැනකින් ලබාදීම මෙම යෙදුමේ මූලික අරමුණ වේ.

ශක්තිමත් සංචාරක ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක අවශ්‍යතාවය මෙහිදී ඇමති විජිත හේරත් අවධාරණය කළේය.

සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් අමතමින් ඔහු සඳහන් කළේ, ගෝලීය සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් හැඩගැසී ඇත්තේ සංචාරකයින් ගමනාන්ත සොයා ගන්නා ආකාරය සහ වෙන්කරවා ගන්නා ආකාරය කෙරෙහි බලපාන ඩිජිටල් වේදිකා මත බවයි. ඩිජිටල් ආර්ථිකයක් සහ ස්මාර්ට් සංචාරක ව්‍යාපාරයක් සඳහා ශ්‍රී ලංකාවේ ගෙන ඇති හැරවුම කෙරෙහි සමපාත වන කාලෝචිත මුලපිරීමක් ලෙස LilyLanka පෙන්වා දිය හැකි බවත් රට තුළ සංචාරක ආදායමෙන් වැඩි කොටසක් රඳවා ගැනීමටද මෙය උපකාරී වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

රජය සහ කර්මාන්ත අතර ශක්තිමත් සහයෝගීතාවයක් තිරසාර වර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින්, හෝටල්, සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක ආයතනවලින් වේදිකාවට ක්‍රියාකාරීව සහාය වන ලෙසද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්තයක් ලෙස වඩා හොඳින් සැලසුම් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික රාමුවක් තුළ සංචාරක දත්ත කළමනාකරණය කිරීමේ වැදගත්කමද ඔහු කියා සිටියේය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here