ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ අවධාණයක්!

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ගරුත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය ගෙන යන නව වැඩපිළිවෙළ පිළිබඳව අද(17) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා වාචිකව ප්‍රශ්න කර සිටි අතර, එහිදී මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා නීතිමය පදනමක් සහිත වරලත් ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරිය එම පැනයට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට අමතරව, මාධ්‍යවේදීන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රම සහ ශිෂ්‍යත්ව ලබා දීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සුබසාධනය සහ පෞද්ගලික ආයතනවල වැටුප් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධාණයක් යොමු කර ඇත.

අවසාන වශයෙන්, මාධ්‍ය ක්ෂේත්‍රය විධිමත් කර්මාන්තයක් ලෙස සංවර්ධනය කරමින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අනාගතය තහවුරු කිරීමට රජය අපේක්ෂා කරයි.

මෙම සියලු ක්‍රියාමාර්ග හරහා මාධ්‍යවේදීන්ට ස්වාධීනව සහ අභිමානයෙන් යුතුව තම රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකස් වේ.

The post ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ අවධාණයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here