ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට, පිත්තෙන් සහ පන්දුවෙන් ආරමභය සටහන් කළ ස්ටැෆර්ඩ් මෝටර්ස් වෙතින් වෙළද සේවා ජී කොටසට අනුග්‍රහය

0
3


නිශ්මං රණසිංහ මැයි 23, කොළඹ LNW:

“ශ්‍රී ලංකාව සහභාගි වූ මංගල ටෙස්ට් තරගයෙ ඉණිම ආරම්භ කළ සිදත් වෙත්තමුණි ඒ කාලෙ ස්ටැෆර්ඩ් මෝටර්ස් වැඩ කරේ.ඒ වගෙම ආරම්භක පන්දු යවන්නෙක් වුණ අසන්ත ද මෙල් හිටියෙත් ස්ටැෆර්ඩ් එකේ.“
වර්ථමානයේ ස්ටැෆර්ඩ් මෝටර්ස් හී (මොටර් සයිකල් සහ පවර් ප්‍රොඩක්ට්ස්) සාමාන්‍යාධිකාරී කපිල ගුණතිලක LNW වෙත එසේ පැවසුවේ වෙළද සේවා ක්‍රිකට් හී පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.වෙළද සේවා ක්‍රිකට් හී ජි කාණ්ඩයේ පන්දු ඕවර් 25 තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ ස්ටැෆර්ඩ් මෝටර්ස් ය.එහි අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙළද සේවා ක්‍රිකට් හී ශ්‍රවනාගාරයේදී සිඳු වූ අතර කපිල ගුණතිලකයන් එම අවස්ථාවේදී අප කරන ලද විමසීමකට පිළිතුරු වශයෙන් තව දුරටත් පවසා සිටියේ වත්මන් ස්ටැෆර්ඩ් මෝටර්ස් සභාපති වෛද්‍ය කාලිංග කළුපෙරුම ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ම් වරම් ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සොහොයුරෙකු බව ය.

“ලලිත් කළුපෙරුම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායමෙත් හිටියා,සනත් කළුපෙරුමත් ටෙස්ට් ක්‍රීඩා කර.ඒ දෙන්නගෙ මැද මහෝදරයා තමයි අපේ සභාපතිවරයා.එතුමත් කොළඹ නාලන්දය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ කෙනෙක්.ඒ නිසා ඔහුත් මේ අනුග්‍රහය ලබා දෙමින් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් සඳහා සුටැෆර්ඩ් ක්‍රිකට් හී දායකත්වය ලබා දෙන්න පුරෝගාමී වී සිටිනවා.“ කපිල ගුණතිලකයන් එහිදි තව දුරටත් අවධාරණය කළේය.
ස්ටැෆර්ඩ් මොටර්ස් අනුග්‍රාහකතවය දක්වන ජී කොටසේ තරගාවලියේ මුල් වටය ගෙවෙන් ලීග් ක්‍රමයේ තරග දැන් ගෙවෙමින් ඇත.මැයි 29 වන දා එය නිමාවට පත් වීමට නියමිතය.කණ්ඩායම් 50 ක් කොටස් අටකට බෙදී සටන් කරන ලීග් තරගාවලිය අවසානයේ තේරී පත්වන කණ්ඩායම් 16 අර්ධ අවසන් වටයට පිවිසෙන අතර එම තරග ක්‍රියාත්මක වන්නේ මැයි 31 ය.ජූනි 1 දා අර්ධ අවසන් පූර්ව තරගය.ජුනි 7 සහ 8 දෙදින අවසන් පූර්ව තරගවලින් අනතුරුව අවසාන තරගයට සුදුසුවන කණ්ඩායම් දෙක ජූනි 14 වන දා සූරතාවය වෙනුවෙන් එකිනෙකා හමුවීමට නියමිතය.

පකිස්තානයේ නිෂ්පාදිත වෙළඳ සේවා ක්‍රිකට් සම්මේලනය විසින් ලබා දෙන නිල පන්දුවෙන් තරගාවලිය සිඳුවන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හී අනුමැතිය ලද විනිසුරුවන් මෙන්ම ලකුණු සටහන්කරුවන්ද තරග තීරකයන් ද යොදා ගනිමින් තරගාවලියේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළින් පවත්වා ගැනීම ඔවුන්ගේ අරමුණය.එසේම තරග සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අවශ්‍යය වූ විට එය ද න්‍රියාවට නැඟීමට නියමිතය.

තරගාවලියේ හොඳම පිතිකරු සහ පන්දු යවන්නාත්,තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාත් නම් කරන අතර අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාත් විශේෂයෙන් ඇගයීමට ලක් කිරීමට නියමිතය.
තරගාවලියට අනුග්‍රාහකත්වයෙන් දායකත්වය දක්වන ස්ටැෆර්ඩ් මෝටර්ස් සම්බන්ෂ ව්‍යාපාර සමූහය වෙළද කේෂ්ත්‍රෙය් මෝටර් වාහන ව්‍යාපාරයට පමණක් නොවන විවිධ ව්‍යාපාර කේෂ්ත්‍ර සමඟ බැදුණු ව්‍යාපාර සමූහයකට අයත් කීර්තිමත් එකක් විම ගැන වෙළද සේවා ක්‍රිකට් බෙහෙවින් සතුටු වන බව කීවේ වෙළද සේවා ක්‍රිකට් ලේකම් රොහාන් සෝමවංශය.ඔහු මෙන්ම මෙම අනුග්‍රාහකත්වය ප්‍රදානය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවට සම්බන්ධ වූණ වෙළඳ සේවා ක්‍රිකට් උප සභාපති මෙන්ම මෙම වෙළද සේවා ක්‍රිකට් ඇකඩමියේ ක්‍රිකට් සංවර්ධන කමිටුවේ ප්‍රධානියා ද වන සිරෝෂ ගුණතිලක ද පෙන්වා දුන්නේ 1977 විවෘත ආර්ථිකයත් සමඟ මොටර් රථ සහ මොටර් බයිසිකල් කේෂ්ත්‍රෙය් කීර්තිය සොයා යන ආයතනයක් වුව ද,ඊට වඩා දිගු ඉතිහාසයක් මෙම ව්‍යාපාර සමූහයට ඇති බවත්,ක්‍රිකට් හී ගුණාත්මක භාවය සෙවීම හැර වෙනත් කාරනා ගැන අඩු සැළකිල්ලක් දක්වමින් ගුණාත්මක සහ පලදායික ක්‍රිකට් ක්‍රීඩාවක් කළමණාකරනය කිරීමට උත්සාහ කරන ස්ටැෆර්ඩ් මෝටර්ස් හී අනුග්‍රාහක දායකත්වය සමඟ පෙරට යාම පහසු කටයුත්තක් බවත්ය.

අනුගාහක චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සටැෆර්ඩ් මෝටර්ස් වෙනුවෙන් කපිල ගුණතිලකයන් සමඟ පරිපාලන සාමාන්‍යාධිකාරි දමිත ජයසුන්දරත් වෙළද සේවා ක්‍රිකට් වෙනුවෙන් රොහාන් සෝමවංශ සහ ශිරෝෂ ගුණතිලකත් එක් වූ අතර එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් ද මේ සමඟ පළ කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here