පැරා ලෝක ශූරතා තරගාවලිය
ඉන්දියාවේ පැවති 2025 “පැරා” ලෝක ශූරතා තරගාවලියට (PARA World Championship – Athletics – 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි යන ක්‍රීඩකයන් දෙදෙනා, එහිදී තමන් සහභාගි වූ ඉසව් වලින් ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන ඊයේ (07දා) දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 27 දින සිට 10/05 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණි.
එහිදී දුර පැනීමේ ඉසව් සඳහා සහභාගි වූ නුවන් ඉන්දික මීටර් 06.46 ක දුරක් පනිමින්, ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය කරා පැමිණෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය.
එසේම මීටර් 1,500 දිවීමේ ඉසව්වට සහභාගි වූ ප්‍රදීප් සෝමසිරි ආසියානු තරග වාර්තාවක් තබමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය.
එමෙන්ම මෙම තරගාවලියට සහභාගි වූ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව් වලට සහභාගි වූ ජනනි ධනංජනා ඇයගේ හොඳම තරග කාලය වාර්තා කිරීමට සමත් වී තිබූ අතර මෙම තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ වැඩිම පුද්ගල දක්ෂතාවය පෙන්නුම් කිරීමට ද සමත් වී තිබුණි.
මෙම ක්‍රීඩකයන් ඊයේ (07දා) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල
Saru FM Media