රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අවශ්‍යතාවය සැපයීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තොග දැනටමත් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව තහවුරු කරයි.
පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වැළකී සිටින්නේ නම්, එළඹෙන මැයි මස මැද දක්වා කිසිදු හිඟයකින් තොරව රටේ අවශ්‍යතාවය සපුරාලීමට තරම් ඉන්ධන සංචිත පවතින බව මෙහිදී අවධාරණය කෙරේ.
QR කේත ක්‍රමය ක්‍රියාත්මක වීම හේතුවෙන් මාසික පරිභෝජනය නිසි ලෙස කළමනාකරණය වන අතර, සාමාන්‍ය පරිභෝජන රටාව පවත්වාගෙන යෑම මෙහිදී අතිශයින් වැදගත් වේ.
ඇතැම් පාර්ශවයන් මාස කිහිපයකට සෑහෙන පරිදි අධික ලෙස තොග ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා දෛනිකව ඉන්ධන ලබාගන්නා ජනතාවට තාවකාලික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය හැකිය.
එබැවින්, ඉන්ධන සැපයුමේ ස්ථාවරත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා මහජනතාව සන්සුන්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ලංකා ඛනිජ තෙල් සංස්ථා කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පෙන්වා දෙයි. මෙය හුදෙක් ඉන්ධන නොමැතිකම පිළිබඳ ප්‍රශ්නයක් නොව, පාරිභෝගිකයන්ගේ බෙදාහැරීමේ රටාව කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාවයක් බවද ඒ මහතා මෙහි පැහැදිලි කෙරේ.
“මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව ඇතුළේ තෙල් නැති දවසක් එනවා.
QR කේතය තියෙන නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මාසයට පරිභෝජනය කරන ප්‍රමාණය කොහොමත් ලංකාවට එනවා. ඒක කොතැන ද මේක ගන්නේ කියන ප්‍රශ්නය එන්නේ. වාහනයකට තෙල් ටිකක් වැඩිය ගැහුවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන තෙල් සංචිත අනුව තෙල් ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නය වෙන්නේ තෙල් ගබඩා කරන නිසයි. සමහර අය අපෙන් තෙල් බවුසර් 18ක් ඉල්ලලා තිබුණා. එයා සාමාන්‍යයෙන් බවුසර් 03ක් තමයි ගන්නේ. මොකද කියලා ඇහුවාම මාස 6කට ඕනේ කියලා කිව්වා. අපි එහෙම තෙල් ගේන්නේ නැහැ. හැමෝම මේ වගේ ලොකු ගාණක් ගත්තාම, මාස 6ට එන තෙල් ටික කොහොමත් එනවා. එකවර කට්ටියක් ගබඩා කරගත්තාම, දිනපතා තෙල් ගහන අයට තමයි දවසක් දෙකක් තෙල් නැති වෙන්නේ. සාමාන්‍ය පාරිභෝජන රටාවේ තියෙනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ."


The post ශ්‍රී ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයට ප්‍රධාන හේතුව පාරිභෝගික හැසිරීම් රටාවයි.. appeared first on LNW Sinhala.
Saru News
















