ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

0
6

ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) , සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීය .

ශ්‍රී ලංකා කණ්ඩායම , තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස අවසන් කර තරගාවලියේ ශූරතාව දිනාගත්තේය .

එහිදී , විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට හිමි වූ දැවැන්තම ඉලක්කය (ලකුණු 192) කි . එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගයේ 18(17.2) වන පන්දුවාරයේ දී ජයග්‍රහණය කරා ගමන් කළේය .

යොවුන් ක්‍රීඩක 24 හැවිරිදි කමිල් මිශාර නොදැවී ලකුණු 73 ක් රැස්කරමින් අගනා ඉනිමක් ක්‍රීඩාකළේය .
මෙහිදී කමිල්ට අගනා සහායක් දුන් කුසල් ජනිත් ද නොදැවී ලකුණු 46ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක්ද පැවැත් වූ අතර, ඒ වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 63කට පමණි.

ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක (33) හා කුසල් මෙන්ඩිස්ද (30) ශ්‍රී ලංකා ඉනිම දිනවීමට සාර්ථක ආරම්භයක් ගත්තේය .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here