ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලබාගත්තේය .
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව , පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල පළමුපන්දුවාරයේදීම දවා ගැනීමට නුවන් තුෂාර සමත් විය .
දුෂ්මන්ත චමීර දෙවන පන්දුවාරයේදී හොසේන් එමොන් දවා ගත්තේ බංග්ලාදේශයට අභියෝගයක් එල්ල කරමිනි .
අනතුරුව කමිල් මිෂාරගේ සුපිරි පන්දුරැකීම හමුවේ තවත් එක් කඩුල්ලක් බිඳ වැටුණි . වනිඳු හසරංග – ලිටන් දාස් සහ මෙහෙදි හසන්ගේ කඩුලු දවාගනිමින් බංග්ලදේශය තව තවත් අසරණ කළේය .
බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 5 ලකුණු 53ක් තුළ බිඳ වැටුණු අතරවාරයේ , ජේකර් අලි සහ සමීම් හොසේන් බංග්ලාදේශ ඉනිම විශිෂ්ටතම ලකුණු සීමාවක් දක්වා ගෙන යාමට සමත් විය .
බංග්ලදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කිරීමට සමත් විය .
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 140ක ඉලක්කයක් හිමිවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලබා රැස්කරමින් සිය ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගනු ලැබීය.
විශිෂ්ට පිති හරඹයක නිරවූ පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබාගත්තේය .
කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විස්සයි20 තරගයකදී මුණගැසුණු තෙවන අවස්ථාව ද මෙය විය.
පෙර පැවැති තරග දෙක සාජා හා ඩුබායි හිදී පැවති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.
Saru FM Media