ශ්‍රී ලංකාවට ලකුණු 270ක අභියෝගයක්

0
1

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ඊයේ ගුවහටි නුවර බර්සෆාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු දිනා ගනිමිනි.

ඒ අනුව චමරි තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කළේ නුවන්දිකා සේනාරත්නයි. ඉන්දීය ජාතික ගීය ගායනා කළේ ඉන්දියාවේ ප්‍රසිද්ධම ගායිකාවක වන ශ්‍රෙයා ඝෝෂාල් විසිනි. ඉන්පසු තරගය ආරම්භ වූ අතර ඉන්දීය කාන්තා ආරම්භක පිතිකරු යුගල වන ස්මි්‍රති මන්දනා සහ ප්‍රාතිකා රාවල් ඉන්දීය ඉනිම ආරම්භ කළාය.

මන්දනාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට උදේශිකා ප්‍රබෝධිනි ඉඩ ලබා දුන්නේ නැත. මන්දනා ලකුණු 8කට දැවී ගියාය. ඉන් පසු ඉන්දීය ඉනිම ගොඩනගන්නට ප්‍රාතිකා රාවල් ඉතා හොඳින් ක්‍රිඩා කළ අතර ඉනෝකා රණවීර ප්‍රාතිකාගේ කඩුල්ල දවාගත්තේ ලකුණු 37ක් ලබා සිටියදීය. ඒ වනවිට ඉන්දීය ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 81ක් ලෙස දැක්වීය. හර්ලින් ඩියෝල් දැවී ගියේ ඇයගේ අර්ධ ශතකයට ලකුණු 2ක් පිටුපසින් සිටිමිනි. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර මද වේලාවකින් තරගය ආරම්භ වූ අතර පන්දුවාර 47කට තරගය සීමා විය. දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ඉන්දීය කඩුලු 4ක් බිඳ දැමුවේ ඉන්දීය කාන්තා පිල අසරණ කරමිනි.

ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 124කට කඩුලු 6ක් ලෙස දැක්විය.

බිඳ වැටුණු ඉන්දීය ඉනිම යළි ගොඩනගන්නට දීප්ති ශර්මා සහ හර්මන් ප්‍රීත් කෞර් සමත් වූ අතර කෞර් අගනා ලකුණු 57ක් ලබා ගත්තාය. පන්දුවාර 47ක් අවසානයේ ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 269 ලබා ගත්හ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here