නිශ්මං රණසිංහ ,මාර්තු 31, කොළඹ LNW:
අද පස්වරුවේ තායිපේ මලල ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන චීන තායිපේ සහ ශ්‍රී ලංකාව අතර තරගය දෙපලිටම වැදගත් වන්නේ ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුව ද,ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්වල ඉහළ අගයකට පිවිසීමට වැදගත් වන බැවිනි.එහි විශාලම වැදගත්කම ඇත්තේ ශ්‍රී ලංකාවටය.
ශ්‍රී ලංකාව ගෙවුණු කාලය ඇතුළත ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණියද මේ මොහොතේ මාල දිවයිනට එරෙහි තරගාවලියේදී සිඳු වූ පසුබැස්ම නිසා යළි එක් ස්ථානයක් පහළට ගොස් 195 වන ස්ථානයේ පසුවන්නේය.එසේම ශ්‍රී ලංකාව 2025 ජූනි 10 වන දින චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමෙන් අත් කර ගත් ගෞවරයද මෙහිදී රැක ගත යුතුව ඇත.
එම ගෞවරවය රැක ගැනීමේ සටනේදී ශ්‍රී ලංකාවට එය පහසු නොවන්නේ චීන තායිපේ කණ්ඩායම අවසන් හමුවේදී ශ්‍රී ලංකාවට පරාජයට පත් වී සිටියද ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට ස්ථාන 21 ක් ඉදරියෙන් 174 වන ස්ථානයේ පසුවන බැවින්ය.195 වන ස්ථානයේ සිටින රටක් හැටියට තමන්ට වඩා ඉදිරියෙන් සිටින රටක් පරාජය කිරීමේදී ඉහළට එසැවීම පහසු වන අතර වරක් පරාජය කර ඇති රටකට එරෙහිව ඒ ඉහළ යාම වෙනුවෙන් සටන් කිරීමට හැකි බවට ඇති විශ්වාසය අද ශ්‍රී ලංකා කණ්ඩායම සතු හොඳම අවිය වනු ඇත.
අවසන් තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා නොකළ සුජාන් පෙරේරා අද යළිත් නායකයා ලෙස ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත.එසේම අකර මැදි ලද නිවාඩුවෙන් ඉනික්බිති ශ්‍රී ලංකා පුහුණුකරු අබ්දුල්ලා අල්මුතයිරි ද කණ්ඩායමට එක්ව සිටිනවා.


The post ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වැදගත්ම තරගයක් appeared first on LNW Sinhala.
Saru News
















