2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) පස්වරුවේ සමත් විය.
තෙවන ස්ථානය වෙනුවෙන් පැවති තීරණාත්මක තරගයෙන් චීනය 19 -14ක් ලෙස පරාජය කර ඔවුන් මෙම අවස්ථාව උදාකර ගත්තේය.
අවසන් පූර්ව වටය දක්වා අපරාජිතම පැමිණි ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල ජපානය හමුවේ ලකුණු 12 – 15ක් ලෙස පරාජයවීම හේතුවෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවිය.
මෙම තරගාවලිය කොළඹ තුරගතරග පිටියේ පැවැත්වේ.
Saru FM Media