ශ්‍රී ලංකන් වියදම 15%කින් පහළට

0
1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දී රුපියල් බිලියන 275.6ක් දක්වා සියයට 15.1කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බැව් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ගුවන්යානා ඉන්ධන පිරිවැය සියයට 20.4කින් අඩුවීම, බදු පදනම මත ලබාගත් ගුවන්යානා සඳහා කුලී සහ ගුවන්යානා නඩත්තු වියදම සියයට 68කින් අඩුවීම, අලුත්වැඩියා වියදම සියයට 13.2කින් අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේවුවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2024/2025 වර්ෂයේ දී රුපියල් බිලියන 8.4ක බදු පසු ශුද්ධ අලාභයක් වාර්තාකොට තිබුණි. දිගුකාලීන මෙහෙයුම් අකාර්යක්ෂමතා සහ රුපියල් බිලියන 586.5ක් වූ අතීත ණය බර මේ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇති බවද මෙකී වාර්තාවේ සඳහන්ය.

රජය විසින් ජාතික ගුවන්සේවය ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ගුවන් සමාගමේ පවතින මූල්‍ය ගැටලු විසඳීමට සහායවීම සඳහා 2024 වර්ෂයේ දී රුපියල් බිලියන 9.8ක මූල්‍ය දායකත්වයක් ගුවන් සමාගමට ලබා දී ඇත. මීට අමතරව රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහායවීමට ඉදිරිපත් වී තිබේ.

ගුවන් සමාගමේ දිගුකාලීනව නොගෙවූ ණය සේවා බැඳීම් පියවීමට රජය එකඟ වී ඇත. ඒ අනුව ණය පියවීම සඳහා 2025 වර්ෂයේ අයවැය මගින් රුපියල් බිලියන 20ක ප්‍රතිපාදන අනුමත කර ඇත.

ලලිත් චාමින්ද

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here