ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 31දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

0
16


සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වනවා.

එසේ පැමිණි වන්දනාකරුවන් රැගත් වාහන නල්ලතන්නියේ සියලුම රථගාල්වල ගාල්කර සෙසු වාහන නල්ලතන්නියේ මුල්ගම මන්සන්ධියේ සිට මාවුස්සාකැලේ සමන් දේවාලය දක්වා කිලෝමීටර් 8ක් පමණ දුරට මාර්ගය දෙපස ගාල් කර තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

සතිඅන්තයේ විශාල පිරිසක් ශ්‍රීපාද වන්දනාවට පැමිණීම හේතුවෙන් නල්ලතන්නිය ශ්‍රීපාද උඩ මළුව මාර්ගයේ දැඩි තදබදයක්ද පැවති බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ. 

මේ අතර, සතිඅන්ත දීර්ඝ නිවාඩුවට අයිස්, ගංජා ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්පිටිය, මස්කෙළිය සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා දියත් කර ඇති මෙහෙයුමට සමගාමීවයි. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර ඇති බවයි හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 45ත් අතර පසුවන පුද්ගලයන් වනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here