ශ්‍රී පාදස්ථානයේ අපද්‍රව්‍යය ඉවත් කිරීමට හමුදාව පෙරට

0
2

ලබන දෙසැම්බර් මස 04 වන දින සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී පාද වන්දනාව මූලික කර ගනිමින් ශ්‍රී පාදස්ථාන භූමිය පොලිතින්රැප්ලාස්ටික් වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන අධියර දෙකක් යටතේ සිදු කරණු ලබන අතරල එහි ආරම්භක වැඩසටහන ශ්‍රී පාදස්ථාන උඩමළුව ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ (25දා) දින යුද්ධ හමුදා සාමාජිකයන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදි.

එළඹෙන ශ්‍රී පාද වන්දනා සමය ප්ලාස්ටික් වලින් තොර බැතිමතුන්ගේ පැමිණිමක් ඇති කිරීමට හා ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට ප්‍රථම පරිසරය යතාවත් කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ සිවිල් ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

වැඩසටහනේ දෙවන අදියර ලබන 29 දින ශ්‍රී පාදස්ථාන පිවිසුම් මාර්ග ආශ්‍රිත ප්‍රදේශයෙහි පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here