ශ්‍රි ලංකාවට තෙල් හෝ ඕනෑම දෙයක් දෙන්න සූදානම් බව ඉරාන තානාපති කියයි – Saru News | සිංහල

0
3

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද (23) මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එය ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බව ඔහු එහිදී සඳහන් කර ඇත.

ඉරානය සිය මිත්‍ර රටවලට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා නොමැති බවද ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මෙහිදී අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවත් ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරානය ඉල්ලීමක් කිරීමටත් පළමුව බවද අවධාරණය කර ඇති අලිරේසා ඩෙල්කෝෂ් ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරයද මෙහිදී සිහිපත් කර තිබේ.

මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් වැඩිදුරටත් සඳහන් කරයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here