ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම මඟින් ශ්‍රම බලකායට ඇතුළත් වන සංඛ්‍යාව අඩු වීමේ ගැටලුව විසදා නොගතහොත් එමඟින් සමස්ත ආර්ථිකයේ ප්‍රසාරණය සීමා වනු ඇතැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ වන විට වයස අවුරුදු 0 -14 ත් අතර ළමුන්ගේ ජනගහන අනුපාතයේ තියුණු හා අඛණ්ඩ අඩු වීමක් දැක ගත හැකි බවත්
මෙසේ වර්තමානයෙහි ජනගහනයට ඇතුළු වන ළමුන් සංඛ්‍යාවේ අඩු වීම, ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රම බලකායට ඇතුළත් වන සංඛ්‍යාව අඩු වීම සඳහා ඇති ප්‍රවණතාවයෙහි පිළිබිඹුවක් බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙය ශ්‍රම සැපයුම් වර්ධනයේ වේගය අඩු කරන බව ද එහි සදහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









