මොනරකුඩුම්බිය කියන්නෙ ලංකාවෙ සෑම පලාතකම පහසුවෙන් වැවෙන පැළෑටියක්. මේ පැළෑටිය සම්පූර්ණයෙන්ම ඔසු සඳහා යොදා ගන්නට හැකියි. ඉවත දමන්නට කිසිදු කොටසක් නැහැ. මෙහි නිල් මල් සහ සුදු මල් හටගන්නා ප්‍රභේද දෙකක් තිබෙනවා.
ආයුර්වේදයට අනුව ළදරුවන්ගේ මාන්දම් රෝගය සඳහා මොනරකුඩුම්බිය කැඳ දෙනු ලබනවා. හීනටි සහල් සමග සෑදූ විට ඉතාමත්ම ගුණ දායකයි.සෙoගමාලය සෑදුනු විටද මේ කැඳ ලබා දෙනවා.
මොනර කුඩුම්බිය සමග අනෙකුත් ඔසු යෙදීමෙන් ශල්‍ය කර්මයකින් තොරව මුත්‍රා ගල් දිය කරන්නට පුලුවන්. මොනරකුඩුම්බිය තම්බා බීමෙන් මුත්‍රා පහසුවෙන් පිට වෙනවා.
තුවාලවල මස් ලියලීම සඳහා ද මොනරකුඩුම්බිය ඉස්ම භාවිතයට ගන්නවා. අර්ශස් සහ පණු රෝග ඇති අයට ආහාරයට ගත හැකි ඉතාමත්ම ගුණදායී ආහාරයක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
හීනටි සහල් වතුර සහ ලුණු ස්වල්පයක් දමා ලිප තබන්න. එය තැම්බෙන විට මිටි කිරි හෝ දිය කිරි එකතු කරන්න. ඉන්පසු කිරි උතුරන විට මොනර කුඩුම්බිය යුශ එකතුකර විනාඩි දෙක තුනක් තබා ලිපෙන් බාන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
හාල් පිටි, කුරක්කන් පිටි එකට මිශ්‍ර කරන්න.එයට පොල් සහ අනෙකුත් ද්‍රව්‍ය දමා හොඳින් මිශ්‍ර කර වතුර ටික ටික දමමින් අතේ නොඇලෙන ප්‍රමාණයට මිශ්‍රනය සකසන්න. එයින් කුඩා ගුලි කඩා තුනී කර රොටී තැටියේ දමා පුලුස්සන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
දෙහි හැර අනෙක් දේවල් සියල්ලම එකට අඹරන්න. රසය අනුව දෙහි එක්කරන්න.
Saru FM Media