ඕට්ස් කොච්චර ගුණ කෑමක් කියල කවුරු කොහොම කිව්වත් කන එක තමා අමාරුම කියල හැමෝම කියන්නෙ. ඒ ඕට්ස් නිකම්ම කිරි ටිකක් දාල සීරියල් එකක් විදියට කන එක රස මදි නිසා. හැබැයි මේ ගුණ කෑම රසවත් විදියට හදාගන්න ඕන තරම් ක්‍රම තියෙනව. අද මේ කියන්න යන්නෙ ගුණවත් ඕට්ස් රසවත් විදියට හදාගන්න විදි කීපයක් ගැන.
1. ඕට්ස් බනානා පෑන්කේක්

Source – modernhoney.com
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉදිච්ච ඇඹුල් කෙසෙල් ගෙඩි 2
- ඕට්ස් මේස හැඳි 4
- බිත්තර 1
- කිරි කප් 1/4
- ලුණු පින්ච් එකක්
- සියල්ලම එකට එක් කොට බ්ලෙන්ඩ් කරගන්න. පෑන්කේක් පදමට ඝණ වැඩි නම් තව කිරි ස්වල්පයක් එකතු කරගන්න. නන්ස්ටික් පෑන් එකක දෙපැත්තම පුළුස්සාගෙන මී පැණි හෝ චොකලට් සිරප් සමඟ ආහාරයට ගන්න.
2. ඕට්ස් රේසින්ස් කුකීස්

Source – mensjournal.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් කප් 1
- පාන්පිටි 1/2
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- බිත්තර 1
- බටර් මේස හැඳි 1
- සීනි කප් 1/2
- වැනිලා ටිකක්
- කුරුඳු කුඩු ස්වල්පයක්
- වියලි මිදි කප් 1/4
- පිටි, බේකින් සෝඩා, ලුණු සහ කුරුඳු කුඩු එකට මිශ්‍ර කර පැත්තකින් තියාගන්න. වෙනම බඳුනක බිත්තර, බටර්, සීනි සහ වැනිලා හොඳින් බීට් කරගන්න.
- පිටි මිශ්‍රණයට බිත්තර මිශ්‍රණය එක් කර එයට ඕට්ස් සහ වියලි මිදි දමා හොඳින් මිශ්‍ර කර විනාඩි 15ක් ශීතකරණයේ තබාගන්න.
- බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දමා, එයට බටර් ආලේප කර, සාදාගත් ඩෝ එකෙන් කුකීස් සාදා තරමක් ඈතින් ඈතින් ට්‍රේ එක මත තබාගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 15-18ක් බේක් කරගන්න.
3. ඕට්ස් පිට්ටු

Source – nimmyskitchen.blogspot.com
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක් කෑලි හිටින්න කුඩු කරගත් ඕට්ස් 200g
- හාල් පිටි 50g
- කුරක්කන් පිටි 50g
- පොල් කප් 3
- ලුණු රස අනුව
- මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගෙන වතුර හෝ පොල් කිරි ටික ටික ඉසිමින් සාමාන්‍ය පිට්ටු විදියටම ඇඟිලි තුඩින් කැට කරගන්න. පිට්ටු බම්බුවක දමා තම්බාගන්න.
4. ඕට්ස් තෝසෙ

Source – hungryforever.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් කප් 1/2
- රුලං කප් 1/4
- චොප් කරගත් ළූණු, අමු මිරිස්
- මීකිරි කප් 1/4
- වතුර අවශ්‍ය පමණ
- ඕට්ස් ටික කුඩු කරගන්න. එයට රුලං, ලුණු, ළූණු, අමු මිරිස් සහ මීකිරි එක් කර මිශ්‍ර කරගන්න. තෝසේ පදමට ගැනීමට වතුර ටික ටික එකතු කරගන්න.
- ගී හෝ තෙල් තවරාගත් තැටියක තෝසේ මිශ්‍රණය දමා දෙපැත්තම පුළුස්සාගන්න.
5. ඕට්ස් ඔම්ලට්

Source – archanaskitchen.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩු කරගත් ඕට්ස් කප් 1/2
- බිත්තර 3
- චොප් කරගත් ළූණු, අමුමිරිස්, තක්කාලි
- ලුණු සහ ගම්මිරිස් රස අනුව
- බටර්
- බිත්තර ටික බෝල් එකකට දමා බීට් කරගන්න. ඒකටම ඕට්ස් ටික එක් කර මිශ්‍ර කරගන්න.
- පෑන් එකට බටර් එක් කර රත් වෙන විට චොප් කරගත් සියල්ල එක් කරගෙන ළූණු රන් වන් පැහැ වන විට ලුණු සහ ගම්මිරිස් එක් කර මිශ්‍ර කරගන්න. තෙම්පරාදු වූ ළූණු ටික පෑන් එකේ විසිරෙන පරිදි තුනී කරගෙන බිත්තර සහ ඕට්ස් මිශ්‍රණය දමාගන්න.
- දෙපැත්තම පුළුස්සාගෙන ලිපෙන් ඉවත් කරගන්න.
6. මසාල ඕට්ස් කොත්තු

Source – sreelus.blogspot.com
අවශ්‍ය ද්‍රව්‍ය
- උණුසුම් වතුර ටිකක් දමා පොඟවා වතුර මිරිකූ ඕට්ස් කප් 2
- කපාගත් කැරට්, ලීක්ස්, ළූණු
- තලාගත් ඉඟුරු, සුදු ළූණු
- බිත්තරයක්
- මස් හෝ මාළු කැබලි කරියත් සමඟ
- රස අනුව ලුණු
- රටකජු මේස හැඳි 3
- ගරම් මසාල තේ හැඳි 1/2
- කොත්තමල්ලි කොළ ටිකක්
- තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට රටකජු, ඉඟුරු සුදු ළූණු, කැරට් සහ ළූණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. ගරම් මසාල ටිකත් එක් කරගෙන සුවඳ එන ගාණට තෙම්පරාදු වූ පසු බිත්තරය එක් කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.
- මස් හෝ මාළු කැබලි සමඟ ඕට්ස් ටිකත් එක් කරගන්න. අවශ්‍ය පමණ කරිය එක් කර මදක් පිසගෙන අවසානයට ලීක්ස් සහ කොත්තමල්ලි කොළ එකතු කරගෙන කලවම් කරගන්න. විනාඩියක් පමණ ලිපේ තබා ඉවතට ගන්න.
7. ඕට්ස් ඉඩ්ලි

Source – archanaskitchen.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් කප් 1
- රුලං කප් 1/2
- මීකිරි කප් 1/4
- රස අනුව ලුණු
- බේකින් සෝඩා තේ හැඳි 1/2
තෙම්පරාදුවට
- සිහින්ව ලියාගත් ළූණු, කරපිංචා සහ කැරට්
- අබ ඇට පොඩ්ඩක්
- තෙල් මේස හැන්දක්
- ඕට්ස් ටික කුඩු කරගෙන අනෙක් සියල්ල හා එකට එක් කරගන්න. ඉඩ්ලි පදමට අවශ්‍ය නම් තව මීකිරි එක් කරගන්න. මෙය තෝසේ මිශ්‍රණයට වඩා ඝන විය යුතුයි.
- තෙල් ටිකක් රත් වෙන්න තබා එයට තෙම්පරාදුවට තැබූ දේවල් එක් කර හොඳින් බැදගන්න. නිවෙන්නට හැර ඉඩ්ලි මිශ්‍රණයට එක් කරගන්න.
- ඉඩ්ලි තැටියක ස්ටීම් කරගෙන පොල් චට්නි සමඟ පිළිගන්වන්න.
Cover Image Source – wellplated.com
The post ශරීරයට ගුණ දෙන ඕට්ස් වඩා රසවත් විදිහට හදාගන්න මේ රෙසිපි 7 ට්‍රයි කරන්න appeared first on Lifie.LK.
Saru FM Media