ශතක වැස්සක් සමග ඇෆ්ගනිස්ථානය පැරදවූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට දැවැන්ත ජයක්

0
6


ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමග අබුඩාබි හි පැවති නිල නොවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 308ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ සමත් වුණා. 

එම තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 406ක් රැස් කළ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පළමු ඉනිමේදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 168ක් පමණයි. 

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලකුණු 376ක් රැස් කරගෙන සිටියදී සිය දෙවන ඉනිම අත්හිටවනු ලැබුවා. 

ඒ අනුව සිය දෙවන ඉනිමේදී ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 615ක ඉලක්කයක් හිමි වුණා. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 306ක් පමණයි. 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ශතක 05ක් රැස් කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. 

පළමු ඉනිමේදී ලහිරු උදාර සහ සොනාල් දිනූෂ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ශතක වාර්තා කළා. 

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී නුවනිඳු ප්‍රනාන්දු, නායක පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක ශතක වාර්තා කළ සෙසු ක්‍රීඩකයින් තිදෙනායි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here