ශක්තිමත් හිසකෙස් සඳහා ඔලිව් තෙල් සත්කාර

0
11


හිසකෙස් කැඩි යාම , හිසකෙස් හැලීම කියන්නේ කාන්තාවන් අතර බහුලව තියන ගැටලුවක්.මේ ගැටලු සඳහා විසඳුම් වශයෙන් විවිධ ප්‍රතිකාර ,තෙල් වර්ග සහ ශැම්පු වර්ග තියනවා. මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ මේ ගැටලු වලට සාර්ථකම ස්වාභාවික තෙල් වර්ගයක් ගැනයි. ඔලිව් තෙල් කියන්නේ ඉහල පෝශණ ගුණයකින් අනූන තෙල් වර්ගයක්.එහි ඔලෙයික් අම්ලය මෙන්ම විටමින් E එහි අන්තර්ගත වෙලා තියනවා කියලා මේ වෙද්දි සොයාගෙන තියනවා.ඒ වගේම ඔලිව් ගෙඩි වලින් මුලින්ම ලබා ගන්නා තෙල් මගින් පිළිකා සහ හදවත් රෝග අවදානම පහ කිරීමෙ ගුණ අඩංගු බව පැවසෙනවා. ශක්තිමත් හිසකෙස් සඳහා ඔලිව් තෙල් සත්කාර කරන්නේ කොහොමද කියා අපි බලමු.

දිලීර නාශක ගුණ අඩංගු වේ
හිස් කබල පිරිසිදු කරයි
හිසේ වියලි කැසීම අවම කරයි
හිසේ කැක්කුම සමනය කරයි
හිස්හොරි මර්ධනය සඳහා හාවිතා කරයි
හිසකෙස් වර්ධනය වේගවත් කරයි
හිසකෙස් අග පැලීම වලක්වයි
හිස් කබලෙහි තෙතමණය ආරක්ශා කරයි
හානිවූ හිසකෙස් අලුත් වැඩියා කරයි
හිසකෙස් මෘදු කරයි
උකුණන් ඉවත් කරයි

මුලින්ම ඔලිව් තෙල් ඔබේ හිසකෙස් වලට අවශ්‍ය වේ යැයි හැඟෙන පමණට ගෙන ,මදක් රත් කරගන්න

දැන් විශාල දැති සහිත පනාවකින් හිසකෙස් හොඳින් පීරා ගන්න

හිසෙකස් කොටස් වලට බෙදා වෙන් කරගන්න

පුලුන් කැබැල්ලක් ගෙන රත් කරගත් ඔලිව් තෙල් වල පොඟවා හිස්කබලෙහි හොඳින් තවරන්න

ඉන්පසුව ඇඟිලි තුඩු වලින් මුලු හිසම විනාඩි දහයක් හෝ පහලවක් හොඳින් සම්බාහනය කරන්න

අවසානයට උණුසුම් තුවායකින් හිස ආවරණය කර පැයක් පමණ තිබෙන්නට හැර සාමාන්‍ය ආකාරයට ශැම්පු සහ කන්ඩිශනර් කරන්න

විටමින් ඒ සහ ඊ, බයෝටින් සහ ෆෝලේට් යන පෝශක සියල්ලම බිත්තර වල අන්තර්ගත වේ. ඒවා හිසකෙස් වර්ධනයට හා නිරෝගී කිරීමට උපකාරි වෙනවා
ඔබට වියළි හිසකෙස් තිබෙනවා නම් නම්, මී පැණි කියන්නේ හොඳ ඖෂධයක් .එමගින් ඔබේ හිසකෙස්වලට හොඳ තෙතමනයක් ලබා දෙනවා.

ඔලිව් තෙල් ,බිත්තරයක් සහ මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.එය හිස් කබලෙහි ආලේප කර පැය බාගයක් පමණ තබා හොඳින් සෝදා හරින්න

අලිගැටපේර වල විටමින් ,ඛනිජ සහ මේද අම්ල ඔබේ හිසකෙස් වල තෙතමනය ආරාක්ශා කිරීමට උපකාරී වෙනවා.ඒ වගේම හිසකෙස් කැඩී යාමත් වළක්වනවා.

අලිගැටපේර ගෙඩි බාගයක් සහ ඔලිව් තෙල් කෝප්ප බාගයක් ගෙන හොඳින් පොඩි කරගන්න.ඉන්පසු එය හිස්කබලෙහි ආලේප කර විනාඩි විස්සත් පැය බාගයක් අතර කාලයක් තබා හොඳින් සෝදා හරින්න

ගොටුකොළ ,මුකුණුවැන්න සහ කරපිංචා යන කොළ වර්ග වල හිසකෙස් වර්ධනයට ,කැඩී යාම වැලැක්වීමට සහ හිසකෙස් පෝෂණය කිරීමට අවශ්‍ය විටමින් අඩංගු වී තිබෙනවා

මේ සියලු කොළ වර්ග හොඳින් අඹරා ඔලිව් තෙල් සමඟ රත්කර හිසෙහි ආලේප කරන්න
පැයක් පමණ තබා හිසෙකස් හොඳින් සෝදා හරින්න

කෙසෙල් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ පොටෑසියම් හිසකෙස් වැටීම වළක්වන අතර හිස් කබලෙහි තෙතමනය ආරාක්ශා කරයි

කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කර එයට ඔලිව් තෙල් එකතු කරන්න.අවශ්‍ය නම් පමණක් මී පැණි ස්වල්පයක්ද මෙයට එකතු කරන්න
මිශ්‍රණය හිස් කබලෙහි හොඳින් ගල්වා පැයක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න

මෙම Hair mask සතියකට වරක් පමණ භාවිතා කල යුතු අතර ඔබට ඉතා වියළි සහ දුර්වල වු හිසකෙස් ඇත්නම් සතියකට දෙවරක් භාවිතා කල හැකියි.ඒ විතරක් නෙමෙයි මේ සත්කාර වලින් පස්සේ හිස ඉතා හොඳින් පිරිසිදු කර ගන්නත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.
ලස්සන සහ නීරෝගි කෙස් කළඹක් ගැන සිහින දකින ඔබට තවදුරටත් එය සිහිනයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ.ගෙදරදීම ඉතා පහසුවෙන් කරන්න පුලුවන් හිසකෙස් සඳහා ඔලිව් තෙල් සත්කාර වලින් ඉතා නිරෝගී කෙස් කළඹකට හිමිකම් කියන්න දැන් ඔබට පුලුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here