ජීවිත අවදානමක් ඇති රෝගයකින් පෙළීම රෝගියෙක්ට කායිකව වගේම මානසිකවත් දැඩි බලපෑම් එල්ල කරනවා.
අවිනිශ්චිතභාවය, ශාරීරික වේදනාව වගේම මානසික අස්ථාවරත්වය ඒ සඳහා හේතුවෙන්න පුළුවන්.
මේ තත්වය පිළිකා රෝගීන් සඳහා විශේෂයෙන්ම සහ ඍජුව බලපාන නිසා පිළිකා රෝගී තත්ව සඳහා ප්‍රතිකාර කරද්දි රෝගියාගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යය ගැනත් එකලෙසම අවධානය යොමුකරන්නෙ ඒ නිසයි.
ඔබට හෝ ඔබේ සමීපතමයෙක්ට පිළිකා රෝගී තත්වයක් ඇති බව හඳුනාගත්තොත් බාහිර ප්‍රතිකාර සමඟම ශක්තිමක් මානසික සෞඛ්‍යයක් ඇති කරගෙන ඒ සමඟ සටන් කරන්නෙ කොහොමද කියන කාරණාව ඔබත් එක්ක කතා කරන්නයි මේ ලිපියෙන් අපි අද සූදානම් වෙන්නෙ.
පිළිකා සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් මෙසේ මානසික ආතතිය (distress), සාංකාව (anxiety) සහ මානසික අවපීඩනය (depression) වගේ මානසික අස්ථාවර වීම් වලට ලක්වෙන බව සොයාගෙන තිබෙනවා.
ඒ නිසා මුලින්ම ඒ රෝග ලක්ෂණ ගැන සැළකිලිමත් වීම ඉතාම වැදගත්.
මානසික ආතතියෙන් (distress) පෙළෙන පුද්ගලයන් අතර,
දුක, බය සහ තරහව වැනි සිතුවිලි,
අසරණභාවය, බලාපොරොත්තු සුන්වීම සහ සෑම දෙයක්ම පාලනයෙන් තොරවීම පිළිබඳ හැඟීම්,
සමීපතමයන්ගෙන් ඈත්වීම සහ
ජීවිතයේ අරමුණු සහ අර්ථය පිළිබඳ අවිනිශ්චිතා ඇතිවීමත්,
මානසික අවපීඩනයෙන් (depression) පෙළෙන පුද්ගලයන් අතර,
ඔබ මෙතෙක් කල් ආසාවෙන් සිටි දේවල් පිළිබඳ තවදුරටත් ආසාවක් නොමැති වීම,
චකිතයක් හෝ වරදකාරී හැඟීම් ඇතිවීම,
නින්ද නොයාම හෝ අධික ලෙස නින්දයාම හෝ නින්දේදී බියකරු සිහින දැකීම,
යම් දෙයකට අවධානය යොමු කිරීම අපහසු වීම,
ඔබටම රිදවා ගැනීමට හෝ සියදිවි නසා ගැනීමේ හැඟීම් ඇතිවීම,
හද ගැස්ම වේගවත් වීම, හිසේ කැක්කුම, කට වියළීම, අධික ලෙස දහඩිය දැමීම හෝ උදරාබාධ වැනි තත්වයන් ඇතිවීමත්,
සාංකාවෙන් (anxiety) පෙළෙන පුද්ගලයන් අතර,
පාලනය කළ නොහැකි කනස්සල්ල,
සිතුවිලි පාලනය කරගත නොහැකි වීම,
වෙව්ලීම,
මාංශපේෂී වලට ආතතියක් දැනීම,
නොසන්සුන් බව,
වියළි මුඛය සහ
පාලනය කරගත නොහැකි කෝපය ඇතිවීමත් හඳුනාගන්න පුළුවන්.
මේ මානසික අස්ථාවර වීම් පිළිකා රෝගී තත්වය සමඟ ඇතිවෙන කම්පනය නිසා වගේම පිළිකා රෝගයට ලබාදෙන ඖෂධවල අතුරු ආබාධ ලෙසත් ඇතිවෙන්න පුළුවන්.
ඔබට හෝ පිළිකා තත්වයක් ඇතිබව හඳුනාගත් ඔබේ සමීපතමයෙක්ට මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම ප්‍රතිකාර ලබන වෛද්‍යවරයා හමුවී මූලික උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්.
ඔබට පිළිකා තත්වයක් ඇතිබව හඳුනාගත්තොත්,
සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයෙක් සහ උපදේශකයෙක් හමුවී නිවැරදි වෘත්තීය උපදේශනයක් සහ සහයෝගයක් ලබා ගැනීම ආරම්භ කරන්න,
Saru FM Media