වෛද්‍ය සභාවේ නව පත්කිරීම් ගැන GMOA අසතුටින්

0
1

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩුව පැවති සභාපති තනතුර සහ ප්‍රධාන සාමාජික තනතුරු පත්කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍ය සභාව සඳහා කර ඇති නව පත්වීම් මගින් දූෂණ වංචාවලට තිත තැබීමේ ජනතාවගේ මෙන්ම වෛද්‍යවරුන්ගේ ද අරමුණු හා විශ්වාසය බිඳවැටී ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විවිධ දූෂණ වංචා චෝදනා ඇති පුද්ගලයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙම පුරප්පාඩුවලට පත්කර ඇති බව පෙනෙන බැවින් ඊට විරෝධය පළ කරන අතර එම වැරදි නිවැරදි කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා එම නිවේදනයෙන් දන්වා සිටී.
සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here