වෛද්‍ය වැඩවර්ජනය, සෞඛ්‍ය ඇමති සහ දුෂ්කර සේවය ගැන ….

0
3

හැම රටකම වගේ වෛද්‍යවරුන්ට තියෙන දුෂ්කර සේවා වලට වැඩිපුර කරන ගෙවීම මේ රටේ වෛද්‍යවරුන්ට නෑ. සත පහක්වත් (ලිටරලි සත පහක්වත්) වැඩිපුර ගෙවන්නෙ නෑ.

ඒ වෙනුවට අමාරුවෙන් යුනියන් එකෙන් හෙල්ත් මිනිස්ට්‍රි එක එක්ක කතා කරලා ඒ ස්ථාන වලට යන වෛද්‍යවරුන්ව වසරක් ඇතුළත ස්ථාන මාරු වලට එලිජිබල් වෙන්න හදලා තිබුනා. යන්න එන්නම පඩියෙන් බාගයක් යන, අලි ගහන පොලොංගු විමාන වල කඩා වැටුණ ක්වාටර්ස් (එහෙමවත් තියෙනවනම්) වල ඉඳගෙන බොන්න වතුර නැතුව, කන්න කෑම නැතුව ඔය පැතිවල මිනිස්සුන්ට සෞඛ්‍ය පහසුකම් සපයන්න ජූනියර් ඩොක්ටර්ස්ල යන්න කැමතිකරවගත්තෙ එහෙම. අවුරුද්දක් දුක් විඳපන්, අපි අලුත් එකෙක් එවලා උඹව ඔය අපායෙන් බේරගන්නව. ඒකයි ගිවිසුම. මේක තමයි ඩිෆිකල්ට් ස්ටේශන්ස් වලට වෛද්‍යවරු යවන්න තිබුණ එකම, ආයෙත් කියනව එකම, ඉන්සෙන්ටිව් එක.

දැන් ‍ඇමති සහ ඔහුගේ හෙංචයියන් ටික යුනියන් එකට පාඩමක් උගන්නන මේ ඩිෆිකල්ට් ස්ටේශන්ස් ලිස්ට් එකේ තිබුණ රෝහල් වලින් බාගයක් විතර ඒවයින් ඉවත් කරලා. දැන් තිබුණ එකම ඉන්සෙන්ටිව් එකත් නෑ. (මේ ආණ්ඩුව ඇවිත් මෙතෙක් කල් කරපු දැවැන්ත සංවර්ධනය අනුව ඕන කෙනෙක්ට හිතාගන්න පුළුවන් ඒ රෝහල් සහ ඒව තියෙන පැති සංවර්ධනය කරලා ඒව වල වැඩ කරන එක තවදුරටත් ඩිෆිකල්ට් නැති නිසාද මේව ලිස්ට් එකෙන් ඉවත් කලේ නැතිනම් අත්තනෝමතිකවද කියලා.)

දැන් පරණ ගිවිසුම අහෝසි නිසා ජූනියර් ඩොක්ටර්ස්ලා ඒ ස්ථාන වල සේවයට යන්න බෑ කියනවා. ඇමතිවරයා බලහත්කාරයෙන් ඔවුන්ව ඒ තැන් වල සේවයට යවන්න හදනවා. නැතිනම් රස්සාව නැති කරනවා කියනවා. යුනියන් එක ඔවුන්ගේ ජූනියර්ම සාමාජිකයින් වෙනුවෙන් ස්ට්‍රයික් කරනවා. ඒකට සියලු වෛද්‍යවරු එකතු වෙනවා මොකද ඔවුන්ගෙන් බහුතරයක් මේ කට්ට මොකක්ද කියල දන්නවා. හෘද සාක්ෂියක් ඇතුව ඔවුන්ට ජූනියර්ස්ලව අවුරුදු හතරක් ඔය තැන් වල හිරකරන්න දෙන්න බෑ (නැත්තම් ඔවුන්ට මේකෙ කිසිම අදාලත්වයක් නෑ. ඔවුන්ට මේ ප්‍රශ්නෙ බලපාන්නෙ නෑ).

අපි හිතමු යුනියන් එක පැරදුනා. දොස්තරලත් පැරදුනා. ඇමති දිනුවා. බලෙන්ම ජූනියර් ඩොක්ටර්ස්ලා ඔය තැන් වලට දැම්මා කියලා.

මොකද වෙන්නෙ? ඇමතිගේ දිනුම ජනතාවගේ දිනුමක් වෙනවද?

කොහෙත්ම නෑ.

එතකොට වෙන්නෙ ඔය තැන් වලට බලෙන් දාන දොස්තරල සම්පූර්ණයෙන් ඩීමෝටිවේට් වෙන එක. බලහත්කාරයෙන් තමන්ව හිරකරපු තැනක ඔවුන් වැඩකරන්නෙ. ඔවුන්ගෙන් කොටසක් අස් වෙයි. කොටසක් රට යයි. කොටසක් මෙඩිකල් දායි. ඔය ඉස්පිරිතාල වලින් සැලකිය යුතු කොටසක් වැහෙයි. තියෙන ඒව වලත් ඉන්න තැනට වැඩිපුර වැඩක් කරන්න ආස තරුණ ජවය තියෙන දොස්තරල වෙනුවට මෝටිවේශන් එකක් නැති ඩිප්‍රෙස්ඩ් දොස්තරල ටිකක් ඉතුරු වෙයි.

ඇමතිගෙ ඊගෝ එක දිනයි.
දොස්තරලත් පරාදයි.
මිනිස්සුත් පරාදයි.

~ වෛද්‍ය නවීන් උඩවැල්ල (Facebook)

The post වෛද්‍ය වැඩවර්ජනය, සෞඛ්‍ය ඇමති සහ දුෂ්කර සේවය ගැන …. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here