වෛද්‍ය නිලධාරීන්ගේ ඌණ පහසුකම් සේවා ස්ථාන – 2026 වර්ෂය සඳහා සංශෝධන කරයි – Saru News | සිංහල

0
3

2026 වසර සඳහා තෝරාගත් නිර්ණායක මත සකස් කරන ලද “ඌණ පහසුකම් සේවා ස්ථාන” රෝහල් හා සෞඛ්‍ය ආයතන ලැයිස්තුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය ඒ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ,

“ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ වෛද්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක වූ වසර දෙකක විශේෂ ස්ථාන මාරු සහනය, වර්තමාන සංවර්ධන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ සංශෝධනය කිරීමට 2020 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

2026 වසර සඳහා තෝරාගත් නිර්ණායක මත සකස් කරන ලද “ඌණ පහසුකම් සේවා ස්ථාන” රෝහල් හා සෞඛ්‍ය ආයතන ලැයිස්තුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිතය.

ඌණ පහසුකම් සහිත රෝහලක සේවය කරන වෛද්‍යවරුන්ට වසර 02ක සක්‍රීය සේවයකින් පසු විශේෂ ස්ථාන මාරු ක්‍රමවේදයකට සුදුසුකම් ලබයි (ඌණ පහසුකම් ස්ථානමාරු ක්‍රමවේදය) රෝහල්වල යටිතල පහසුකම් ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් මෙම ලැයිස්තුවට ඇතුළත් රෝහල් සංඛ්‍යාව 2020 වර්ෂයේ පැවති 407 සිට 2024 වන විට 393 දක්වා ද, 2026 වර්ෂය සඳහා 265 දක්වා ද අඩු වී ඇත.

යම් රෝහලක් ඌණ පහසුකම් සේවා ස්ථානයක් ලෙස නම් කරනු ලබන්නේ ප්‍රවේශ මාර්ගවල දුෂ්කරතාවය, ප්‍රධාන නගරයට හෝ පාසලකට ඇති දුර කිලෝමීටර් 15 ඉක්මවා තිබීම, පොදු ප්‍රවාහන පහසුකම් අවම වීම සහ පානීය ජලය, විදුලිය හෝ නේවාසික පහසුකම්වල පවතින ඌණතාවයන් වැනි පූර්ව නිශ්චිත නිර්ණායකයන් මත පදනම්වය. මීට අමතරව වන සතුන්ගේ තර්ජන හෝ ස්වභාවික උපද්‍රව පැවතීම මෙහිදී සලකා බලනු ලැබේ.

මෙම ඌණ පහසුකම් සේවා ස්ථාන ලැයිස්තුව වාර්ෂිකව සංශෝධනය වන අතර, එය වලංගු වන්නේ එම වසරේ පත්වීම් ලබාදෙන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය කණ්ඩායම සඳහා පමණි. කුසලතා පදනම මත ක්‍රියාත්මක වන මෙම ප්‍රාථමික සේවයේ බඳවාගැනීම් හරහා වඩාත් අවශ්‍යතා සහිත ප්‍රදේශවල ජනතාවට බාධාවකින් තොරව වෛද්‍ය සේවය සපයා දීම අමාත්‍යාංශයේ මූලික අරමුණයි.”

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here