යුනෙස්කෝ සංවිධානය විසින් සංවිධානය කළ විද්‍යා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ගෝලීය අමාත්‍ය සංවාදය මාර්තු 25-26 දෙදින තුළ ප්‍රංශයේ පැරිස් නුවර යුනොස්කෝ මූලස්ථානයේදී පැවැත්විණි. සීග්‍රයෙන් වෙනස් වන ලෝකයක විද්‍යා රාජ්‍ය තාන්ත්‍රිකභාවය: පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ මනසෙහි සාමය ගොඩනැගීම යන තේමාව යටතේ මෙම ගෝලීය සංවාදය පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේනද ඊට සහභාගී විය.
වත්මන් සංකීර්ණ ගෝලීය සන්දර්භය තුළ නව්‍ය විද්‍යා රාජ්‍ය තාන්ත්‍රික රාමු සහ ප්රවේශයන් ගවේෂණය සහ තක්සේරු කරනු පිණිස විශේෂඥයින්, විද්‍යාඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ඒකරාශීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.
භූ දේශපාලනික සංකීර්ණතා සහ වේගවත් තාක්ෂණික දියුණුව එකිනෙක හා බැඳී ඇති අතර, ඒ හරහා වසංගත සහ දේශගුණික විපර්යාස වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා විද්‍යා රාජ්‍ය තාන්ත්‍රිකභාවය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයන් තිරසාර සංවර්ධනය, සාමය සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. රටවල් විසින් විද්‍යාත්මක ප්‍රගතිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීමේදී, සමාජීය ගැටලු විසඳීම සඳහා සහයෝගී ප්‍රවේශයක් ඉතා වැදගත් වේ.
විද්‍යාව හා අධ්‍යාපනය තුළින් සාමය උදාකරදීම කෙරෙහි අවධානය යොමු කරන යුනෙස්කෝ සංවිධානය විද්‍යා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හා සම්බන්ධ සිය කාර්යභාරය පුළුල් කරමින් සිටී. ගෝලීය බල අරගල සහ ජාතීන් අතර අවිශ්වාසය වර්ධනය වන තත්ත්වයක් හමුවේ, සංවාදය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා නව්‍ය සහ අංග සම්පූර්ණ රාමු අවශ්‍ය වේ. මෙම ප්රයත්නය ඉදිරියට රැගෙන යාම සඳහා, සමකාලීන සමාජ අවශ්‍යතා සපුරාලන නව රාමුවක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් යුනෙස්කෝ සංවිධානය විසින් විද්‍යා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ගෝලීය අමාත්‍ය සංවාදය සංවිධානය කරනු ලැබේ.
විද්‍යා හා විදේශ සබඳතා සඳහා වගකිව යුතු ඇමතිවරුන්ගේ ඒකරාශීත්වයෙන්, විද්‍යා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛතා සාකච්ඡා කිරීම සහ ස්ථාවර සහයෝගීතාවන් ගොඩනඟා ගතහැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම මෙම සමුළුවේ දී සිදුකෙරුණු අතර සමුළුව අවසානයේදී ඉහත තේමාව පිළිබඳ ඒකාබද්ධ අමාත්‍ය ප්‍රකාශයක් සම්මත කර ගෙන ඇති අතර නිශ්චිත විද්‍යා රාජ්‍ය තාන්ත්‍රික මූලාරම්භයන් පිළිබඳ නිවේදනයක්ද සිදුකර ඇත.
Saru FM Media