දේශපාලනික අරමුණෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදුකිරීමට විරෝධය පළකරමින් අද (31) උදෑසන 08.00 සිට රෝහල් තුළ දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවයි.
මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස අද (31) උදෑසන අටේ සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුකිරීම් සඳහා ලැයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර එවැන්නක් සිදුකර නොමැති බවත් මෙය ප්‍රශ්න සහගත බවත් ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වුවවද රෝහල්වල හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.
Saru News
















