පාසල් පැවැත්වෙන දිනවල දී , නියම කරන කාලසීමාවක් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබේ .
ඒ අනුව ,උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ මෙම තීරණය ක්‍රියාත්මක වන බව , භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසා තිබේ .
මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් පසු මෙම තීරණය ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පවසා තිබේ .
එම කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු යැයි එහිදී තීරණය වී තිබේ .
පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇත .
Saru FM Media