වේදනාවෙන් දුක් විඳින පුංචි අලි පැටියා

0
13


හබරණ හුරුලු උද්‍යානය ආසන්නයේ දින ගණනාවක සිට පාදයක් ආබාධයකට ලක්ව දැඩි වේදනාවෙන් සිටින වන අලි පැටවෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

තුවාල වූ අලි පැටවා පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කළ ද කිසිදු ප්‍රතිකාරයක් මේ දක්වා ලැබී නොමැති බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

හබරණ නගරය ආසන්නයේ සෆාරි ජීප් රථ ධාවනය කරන මාර්ග අසලට පැමිණෙන මෙම වන අලි පැටවා ඉතා වේදනාවෙන් සිටින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වන අලි රංචු කිහිපයක් මෙම ආබාධයට ලක්ව සිටින අලි පැටවා ආරක්ෂා කර ගැනීමට වෙහෙසක් දරමින් සිටින බවත් මෙම සත්ත්වයාට ප්‍රතිකාරයක් අවැසි නිසා මහ මග ගමන් කරන වාහනවලට තම දුක කියන්නා සේ හැසිරෙන බවද ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ සංවේදී ස්වරයෙන්.

මෙම අලි පැටවා පිළිබඳව මින්නේරිය වනජීවී නිලධාරීන් දැනුවත් කළද වෛද්‍යවරයෙකු නොමැති නිසා අලි පැටවාට ප්‍රතිකාර කිරීම දිනෙන් දින ප්‍රමාද වීම කණගාටුවට කරුණක් බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

මින්නේරිය ජාතික උද්‍යානය, කවුඩුල්ල ජාතික උද්‍යානය, හුරුළු ජාතික උද්‍යානය, දිනකට දස දහස් ගණනාවක් දෙස් විදෙස් සංචාරකයන් වන අලින් නරඹන කලාපයක්.

එවැනි පරිසරයක් තුළ රටේ ජාතික ආර්ථිකයට සුවිශාල වූ දායකත්වයක් ලබා දෙන මෙම වන සත්ත්වයින්ට ප්‍රතිකාර ලබා දීමට පශු වෛද්‍යවරයෙක් අනියුක්ත කර නොතිබීම බරපතල ප්‍රශ්නයක් බවයි සංචාරකයින් සඳහන් කරන්නේ.

ඉතා වේදනාවෙන් පසුවන මෙම වන අලි පැටවාගේ ජීවිතය හැකි ඉක්මණින් බේරාදෙන ලෙසයි ප්‍රදේශවාසීන් සහ සංචාරක‍යින් ඉල්ලා සිටින්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here