ඇමරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරුබදු පනවන බව ඇමරිකානු රජය පසුගිය දා ප්‍රකාශ කළා. ඊට එරෙහිව දැඩි ප්‍රතිපියවර ගැනීමට චීන රජය ද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10වැනිදා සිට, වර්තමානයේ අදාළ ගාස්තු අනුපාතය මත පදනම්ව, ඇමරිකාවෙන් ගෙන්වන සියලුම ආනයනික භාණ්ඩ සඳහා චීනය 34% ක තීරුබදු පනවන බවයි වාර්තා වන්නේ. ඒ “චීන මහජන සමූහාණ්ඩුවේ ජනරජයේ රේගු නීතිය” හා “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතිය” යන නීති රෙගුලාසි හා ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මවලට අනුව, චීන රාජ්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.
එමෙන්ම චීන වාණිජ අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ඇමරිකානු Skydio සමාගම ඇතුළු ඒකකයන් 11ක්, අද(4) සිට චීනය විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි.
මේ අතර චීන රේගු පරිපාලනය ඇමරිකානු සමාගම් 6ක නිෂ්පාදන චීනයට අපනයනය කිරීමේ සුදුසුකම් ද අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
Saru FM Media