වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

0
11


බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (07) අලුයම එකට පමණ බුලත්සිංහල සිට යාල හංදිය හරහා කළුතර දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් අණ නොතකා ගමන් කිරීමේ දී මාර්ග බාධක යොදා එය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.

ඒ සමග පසුපැදිකරු අත තිබූ බෑගයක් සහ මුදල් බිමට වැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටින බවට තොරතුරු හෙළිව තිබෙනවා.

රුපියල් 65,000ක මුදලක්, දුම්වැටි පැකට් 25ක්, ජංගම දුරකතන පෙර ගෙවුම් කාඩ් 450ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මෙම සැකකරුවන් වයස අවුරුදු 20ත් 22ත් අතර වියේ පසුවන තරුණයින් බවද පොලීසිය සඳහන් කරනවා.

ඔවුන් හොරණ මහේස්ත්‍රාත් වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here