ඉවුම් පිහුම් කියන්නෙ අපි නිතර කතාබහ කරන අපේ ජීවිතේට ගොඩක් සමීප කාරණාවක්.
ඉවුම් පිහුම් වලදී කෑමබීම වලට වගේම කෑම පිසින්න අපි යොදාගන්න භාජන හා උපකරණ (cooking wares) වලටත් ලොකු වැදගත්කමක් හිමිවෙනව. ඒ නිසාමයි cooking wares මිලදී ගැනීමේදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණු ගැන දැනුම ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරේ.
මේ කරුණු වල ඇති වැදගත්කම නිසාම මේ ලිපිය කොටස් කීපයකින් ඔබට ගෙන එන්න අපි හිතුව. මේ එහි පළවෙනි කොටසයි.
ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නම් එහි මිල අධික විය යුතුයැයි සමහරු විශ්වාස කරනවා. මෙහිදී ඔබ වඩාත් සැළකිලිමත් විය යුත්තේ ලොව සුප්‍රසිද්ධ වෙළඳ නාම වලින් ඉහළ මිල ගණන් යටතේ ව්‍යාජ නිෂ්පාදන අලෙවි වන නිසයි.
නමුත් ඉතාම සහනදායී මිලකටත් තත්වයෙන් උසස් cooking wares වෙළදපොලේ දකින්න ලැබෙනවා.
මේ කාරණා නිසා ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන හොඳ ප්‍රමිතියෙන් යුතු cooking wares කීපයක් ගැන ඉඟියක් ලබා දෙන්නයි මේ සූදානම.
වාසි
තෙල් රහිතව හෝ ඉතාම අඩුවෙන් ආහාර පිස ගැනීමට cast iron cookware ඔබට උදව් වෙනව.
මේ භාජන වලින් ආහාර පිසීමේදී ආහාර පිළිස්සීමක් හෝ කලුපැහැ වීමක් සිදුනොවීමත් විශේෂයෙන් සඳහන් කල යුතුම ලක්ෂණයක්.
හොඳින් පදම් කරන ලද cast iron cookware වල තත්වය භාජනයේ වයසත් සමඟම ඉහළ යනව වගේම ශක්තිමත් බව නිසා දීර්ඝ කාලයක් භාවිත කරන්න පුළුවන් වීමත් කැපීපෙනෙන වාසියක් වෙනව.
මිලෙන් ඉතාම අඩු මේ භාජන දර ලිප්, ගෑස් ලිප් වගේම oven වලත් ගැටළුවක් නැතුවම පාවිච්චි කරන්න ඔබට පුළුවන්.
Nonstick භාජන වෙනුවට පාවිච්චි කර හැකි රසායනික ද්‍රව්‍ය වලින් තොර භාජන වර්ගයක් නිසා සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටළුවක් ඇතිවෙන්නෙත් නෑ.
මේ භාජන මිලදී ගනීමට කලින් ඔබ දැනුවත් වී සිටිය යුතු කාරණා කීපයක් තියෙනවා.
Cast iron cookware බරෙන් වැඩියි. ඒ වගේම සබන් යොදා පිරිසිදු කිරීම යම් තරමක් අපහසු වීම නිසා ඔබට ඒ සඳහා විකල්පයක් අවශ්‍ය වෙනව. නිවැරැදි ලෙස භාවිත නොකිරීමෙන් මෙම භාජන වල මළකඩ බැඳීම සිදුවීමත් දැකගන්න පුළුවන්.
වාසි
ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු නැති නිසා සෞඛ්‍යාරක්ෂිත බවෙන් ඉහළයි. clay cookware ඉතාම සහනදායී මිළ ගණන් වලට ඔබේ ගමේ කඩේන් වගේම සුපිරි වෙළඳසැල් වලනුත් මිලදී ගන්න පුළුවන්.
අද වන විට දර ලිපේ වගේම ගෑස් ලිප් වල හා oven වල පාවිච්චියටත් ගැළපෙන clay cookware අපිට වෙළඳපොලේ දකින්න ලැබෙනව.
සෙමින් රත්වීම සිදුවන නිසා ආහාර පිලිස්සීමට ඇති ඉඩකඩ ඉතා අඩු අතර මිලෙන් අඩුවීමත් මෙම භාජන සඳහා විශේෂ උපකරණ අවශ්‍ය නොවීමත් ඔබට ඉතා වාසිදායක බව නොඅනුමානයි.
නමුත්, අලුත් මැටි භාජන පාවිච්චියට පෙර පදම් කිරීම අනිවාර්‍යයි. ඒ වගේම සමහර අවස්ථා වලදී මැටි භාජන පිරිසිදු කිරීමට සබන් පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
රත්වීමට වැඩි කාලයක් ගතවීම නිසා මැටි භාජන වල ආහාර පිසගැනීමට ගතවෙන කාලය වැඩියි.
ඔබ හොඳ තත්වයේ මැටි භාජනයක් තෝරාගැනීම අනිවාර්‍ය වෙන්නෙ එහෙම නොවුනොත් රත්වීමේදී මැටි භාජන පුපුරා යාමේ අවධානමක් තියෙන නිසයි.
වාසි
Clay cookware වලට හා cast iron cookware වලට වඩා තරමක් මිලෙන් ඉහළ වුනත් enamel nonstick cookware කියන්නෙත් වැඩි කාලයක් භාවිතයට ගන්න පුළුවන් භාජන වර්ගයක්.
බරින් අඩුවීම නිසා පාවිච්චිය පහසුවෙනවා වගේම අහිතකර රසායනික ප්‍රතික්‍රියා සිදු නොවීම නිසා සෞඛ්‍යාරක්ෂිත බවෙන්ද ඉහළයි.
හොඳ තත්වයේ enamel nonstick cookware ෆැරන්හයිට් 350 දක්වා උෂ්ණත්වයක් දරාගැනීම නිසා oven තුල පාවිච්චි කරන්නත් පුළුවන්.
Enamel nonstick cookware පාවිච්චියේදී ඔබේ අවධානය යොමු කළ යුතුම කාරණාවක් තමයි මේ භාජන වල සීරීමක් ඇති වුනොත් පොතු ගැලවීයාමේ ඉඩකඩක් පවතීම.
ඒ නිසා මළකඩ බැඳීම වගේම ආහාර සමඟ රසායනික ප්‍රතික්‍රියා ඇතිවීමේ අවදානමත් තියෙනව.
එනැමල් භාජන ඉක්මණින් රත්වීම හා සිසිල් වීම සිදුවන නිසා ආහාර ඉක්මනින් පිළිස්සීමත්, පිසගත් ආහාර ඉක්මනින් සිසිල් වීමත් දක්නට ලැබෙනවා.
වාසි
කලින් කතා කරපු cookware වර්ග තුනටම වඩා stainless steel cookware මිලෙන් තරමක් ඉහල බව ඔබ දන්නවා ඇති.
Saru FM Media