වෙහෙරගල ජලාශයෙන් හමු වූ අවි කාගෙද?

0
1

යුද හමුදාව පාවිච්චි කළ ඒවාද
කිමිදුම්කරුවන් යොදවා තවත් ආයුධ සොයයි

ගෝනගංආර වෙහෙරගල ජලාශයේ ගිල්ලවා තිබියදී සොයාගත් අතිවිශාල ආයුධ කොටස් තොගය මීට මාස කීපයකට පෙර කිසියම් පිරිසක් විසින් එම ජලාශයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මෙම ජලාශයේ ජල මට්ටම පහළ යෑමෙන් පසු අවි ආයුධ කොටස් තොගය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. මෙම ආයුධ කොටස් ගෝනිවල සහ පෙට්ටිවල බහා දියේ ගිල්ලවා ඇති බව ද පොලිසිය පවසයි.

මෙහිදී සොයාගත් ආයුධ අතර ටී 56 මැගසින් 214ක්, එල්. එම්. ජී. ඩ්‍රම්ස් මැගසින් 38 ක්, එම්. ජී. එම්. ජී. 200 මැගසින් 11 ක්, එම්. පී. එම්. ජී. 100 මැගසින් 09 ක්, ටී. 81 මැගසින් 06 ක්, 127100 ඩ්‍රම්ස් 01ක් තිබෙන බව පොලිසිය පවසයි.

මේ අතර මෙම ජලාශයේ තවත් ආයුධ කොටස් තිබේ දැයි සොයා කිමිදුම්කරුවන් යොදාගෙන ඊයේ දවස පුරා විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

කතරගම, ලුණුගම්වෙහෙර, ගෝනගංආර පොලිස් ස්ථානවලට මායිම්ව පිහිටා ඇති වෙහෙරගල ජලාශයේ ජලමට්ටම මේ දිනවල ශීඝ්‍රයෙන් පහළ යෑමත් සමගම මෙම ආයුධ කොටස් තොගය පෙරේදා (30දා) මතු වී තිබිණි.

ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම්දීමකට අනුව එහි ගිය ගෝනගංආර පොලිසියේ නිලධාරීන් ආයුධ කොටස් තොගය ගොඩගෙන ඇත.

මෙම ආයුධ කොටස් යුද හමුදාව පාවිච්චි කළ ඒවා බවට පොලිසිය සැක පහළ කරයි. ගෝනගංආර පොලිසිය විමර්ශන පවත්වා ගෙන යයි.
හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, නුවන් ජයසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here