වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධාන කර ඇති දන්සැල් 7,437ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ දිවයින පුරා සියලුම දන්සැල් පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවයි.
මේ අතර වෙසක් සතිය නිමිති කර ගනිමින් මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැෂිනෝ ශාලා සහ සමාජ ශාලා දින තුනක් වසා තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මැයි 12, 13 සහ 14 යන දිනවල අදාළ ස්ථාන වසා තැබෙන බවයි.
Saru FM Media