වෙසක් පොහෝ දා ගෙදර යන රැඳවියන්!

0
3


රෂිකා හෙන්නායක

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් රැඳවියන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව කාන්තා රැදවියන් 04 දෙනෙකුටත්, පිරිමි රැදවියන් 384 දෙනෙකුත් ඒ අතර බවයි,බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින්  පැවරී ඇති බලතල අනුව එම සිරකරුවන්ට එලෙස රාජ්‍ය සමාව ප්‍රදානය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here