සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්‍ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංක -106 -හඳුන්වා දී ඇති අතර, ඒ මගින් සෘජුව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව තිබෙනවා.
අලුතින් හඳුන්වා දුන් ක්ෂණික ඇමතුම් අංකය තුලින්, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීම සහ සමුද්‍රීය ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.
මහජනතාව, නාවිකයින් සහ වෙරළබඩ ප්‍රජාවන්ට ක්ෂණික හා සෘජු සන්නිවේදන ක්‍රමවේදයක් ලබා දීමෙන්, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම මෙන්ම සමුද්‍රීයආරක්‍ෂාව සහ පාරිසරික සංරක්‍ෂණය සඳහා වන ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට උත්සාහ කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතම ආයතනය වන වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්‍ෂාව සහ සමුද්‍රීය පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා විශාල වගකීමක් ඉටු කරයි.
මුහුදේ ජිවිත හා දේපල ආරක්‍ෂා කිරීම, තෙල් කාන්දු කළමනාකරණයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ප්‍රතිචාර දැක්වීම, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැඩලීම, සෝදිසී කිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මුහුදේදී සිදුවන නිතී විරෝධි කටයුතු සඳහාද එය සක්‍රියව දායක වෙනවා.
සියළුම නාවිකයින්, ධීවරයන් සහ මුහුදු ආශ්‍රිත ප්‍රජාවන් හට මුහුදේ සිදුවන හදිසි අවස්ථාවන්හිදී හදිසි ඇමතුම් අංක 106 භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Saru FM Media