වෙනස් නොවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් රතු එළියක්

0
7


රාජ්‍ය සේවයේ පුරප්පාඩු පවතින රැකියා සඳහා තෝරා ගැනීම් කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

රජයේ රැකියා සඳහා දේශපාලකයින් පිටුපස ගිය කාලය අවසන් වී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

කුරුණෑගල නගරයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

Neth Sound · ANURA 01

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරින්ට වෙනස් වීමට මාස 06ක කාලයක් ලබාදුන් බවත් මැයි මාසයේ සිට වෙනස් නොවන රාජ්‍ය නිලධාරින් වෙනස් කිරීම ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

Neth Sound · ANURA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here