ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ජාතික ගීය වශයෙන් ආනන්ද සමරකෝන් ශූරින් රචනා කළ සංගිතවත් කළ ගීතය නිල වශයෙන් නම් කිරීමට පෙර වෙනත් ජාතික ගීතයක් තිබී ඇති බව හෙළි වී තිබේ.
යූ. ඩී. පෙරේරා නමින් ප්‍රකට උඳුගොඩ ධර්මසිරි පෙරේරා විසින් එම ගීතය රචනා කර ඇති අතර එහි සංගීතය සැපයූ සංගීතඥයා මොහොමඩ් ගවුස් මාස්ටර් වශයෙන් සටහන් වී තිබේ. රෙජිනා පෙරේරා, වයලට් වීරකෝන් සහ සිසිලියානා ඩයස් යන ගායිකාවන් තිදෙනා විසින් ගායනා කළ එම ගීතය 1937දී කොලොම්බියා තැටියක් ලෙස නිකුත් කර ඇත.
තමල්ක නිලක්ෂණ පවත්වා ගෙන යන යූටියුබ් අවකාශයට මෙම ඓතිහාසික තොරතුරු එක්කර තිබීම පිළිබඳව ප්‍රසංසාව හිමිවේ. එම ගීතය පහතින්.
Saru FM Media