වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
8


උරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 4 වනදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ලද තොරතුරක් මත බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී ඊයේ (09) සවස මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු වයස අවුරුදු 46 ක් වන දික්කැලේ, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here