වෙඩි තැබීමක්!

0
10


රෂිකා හෙන්නායක

මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වාහන කිහිපයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර, වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ එම පාර්ශවයේම පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.
 

දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතුවී තිබෙන අතර, අද පැවති අවුරුදු උත්සවයකදී ද එම දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here