සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී අද (18) පෙරවරුවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් ආවේක්ෂණය කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇති කාර්යභාරයද මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදා අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දෙන පුළුල් දායකත්වයද ඇගයීමට ලක් කළේය.
‘සුරකිමු ලකඹර’ තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණය මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව, ක්‍රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම අගය කරමින් ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු කෙරිණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, Marshal of the Air Force රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සෙසු නිලධාරීහුද, ආධුනික කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සම්පුර්ණ විස්තරය පහතින්




Saru FM Media