විස්සයි විස්ස ලෝක කුසලානයට නැමීබියාව සහ සිම්බාබ්වේ එති

0
2

2026 වසරේ ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. පිරිමි විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නැම්බියානු කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම සුදුසුකම් ලබාගැනීමට පෙරේදා (04 දා) සමත්විය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් සහභාගිවීමට නියමිත අතර නැම්බියාව සහ සිම්බාබ්වේ මෙම තරගාවලියට සුදුසුකම් ලැබුවේ ලෝක කුසලාන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමෙනි.

පෙරේදා (04 දා) හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 167ක් සමත්වුවද, ලකුණු 168ක ඉලක්කයක් හඹායෑම සඳහා පිළිතුරු ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 171ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

නැමීබියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ලෝරන්ස් ස්ටේන්කැම්ප් ලකුණු 40ක්, ගර්හාර්ඩ් එරස්මස් ලකුණු 38ක් සහ ජේ. ජේ. ස්මිත් ලකුණු 23ක් ලැබීය.

පන්දු යැවීමේදී රිචර්ඩ් නගරාවා ලකුණු 26කට කඩුලු 3ක් බිඳහෙළීය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ටඩිවනාෂි මුරුමානි නොදැවී ලකුණු 74ක්, ඩියෝන් මෙයාර්ස් ලකුණු 44ක් සහ රයන් බ්‍රර්ල් ලකුණු 26ක් ලැබීය.

පන්දු යැවීමේදී බර්නාඩ් ස්කූල්ට්ෂ් ලකුණු 21කට කඩුලු 2ක් දවාලීය.

තරගයේ වීරයා ලෙස ටඩිවනාෂි මුරුමානි සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here