ලබන වසර (2026) සඳහා අයවැය යෝජනාවළිය ඉදිරිපත් කිරීමට අදාල විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (26දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් කරනු ලැබීය.
ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.
Saru FM Media