ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයට අයත් නොබෙල් කමිටුව විසින් ඊයේ (10දා) දහවල් වන විට මෙම වසර සඳහා පිදෙන නොබෙල් ත්‍යාගවලින් හතරක් පිරිනමා තිබූ අතර ඒ අනුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හා සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාග පිරිනමා තිබිණි. මේ යටතේ මෙම වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තිදෙනකු වන ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවෝරෙට් හා ජෝන් එම් මාටිනිස් හට පිරිනමා තිබේ.
ඔවුන් වෙත මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත්තේ ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව සම්බන්ධයෙන් ඔවුන් විසින් සිදු කර ඇති පර්යේෂණ කටයුතු වෙනුවෙනි. භෞතික විද්‍යාව සඳහා වන නොබෙක් කමිටුවේ සභාපතිවරයාට අනුව අදාළ මහාචාර්යවරුන් තිදෙනාගේ සොයාගැනීම් ජංගම දුරකථනය සහ කැමරාව වැනි උපාංග සඳහා ප්‍රයෝජනවත් වේ. මෙවර රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයද රසායන විද්‍යාඥයන් තිදෙනකුට එනම් සුසුමු කිටාගාවා, රිචඩ් රොබ්සන් හා ඔමාර් එම් යාගි හට අතර ඔවුන් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ කාන්තාර වායුවෙන් ජලය එකතුකර ගැනීම, ජලයෙන් දූෂක ද්‍රව්‍ය පෙරා ගැනීම, කාබන්ඩයොක්සයිඩ් වායුව ඉවත් කරගැනීම හා හයිඩ්‍රජන් වායුව ගබඩා කිරීම සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයන් හේතුවෙනි.
මෙවර කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත්තේ සතුරු ආසාදනයන්ට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහර දෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති විද්‍යාඥයන් තිදෙනකු වන මේරි ඊ බන්කොව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් හා ෂිමොන් සකගුචි වෙතය. එම විද්‍යාඥයන් විසින් සිය අධ්‍යයනය හරහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සතු ආරක්ෂාකාරී සෛල වන ටි සෛ විසින් ප්‍රතිශක්තිකරණ සෛල සිරුරට හානි සිදු කිරීම වැළැක්වීමට කටයුතු කරන ආකාරය විස්තර කෙරෙන බව නොබෙල් කමිටුව පවසයි. මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත්තේ හංගේරියානු ජාතික ග්‍රන්ථ කතුවරයකු වන ලසියෝ ක්‍රස්න හෝකයි වෙතය. අතිශය දුක් වේදනාවන්, අයුක්තිය, පුද්ගල නිදහස අහිමිවීම වැනි ප්‍රබන්ධ සමාජයක් ගැන කියවෙන ඩිස්ටෝපියන්ට්ඝනයේ නවකතා හා ලියන ලද දිගු වාක්‍ය සඳහා හංගේරියානු කතුවරයා වෙත අදාළ නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ
Saru FM Media