අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බ්ම් බලා යන ජනතාව සඳහා අතිරේක බස් සේවා සහ දුම්රිය සේවා අදත් (13) ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 21 වනදා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර තිබෙනවා.
1955 ක්ෂණීක දුරකතන අංකය සහ 0712 595 555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.
එසේම ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.
Saru FM Media