විශේෂ අවශ්‍යතා ඇති අයට වෙනම බස්

0
7

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා පමණක් වෙන්වූ පහසුකම් සහිත බස් රථ ධාවනයේ යෙදවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එකී පුද්ගලයන්ට පමණක් වෙන්වූ බස් රථ ඉදිරියේදී ධාවනය එක් වීමට නියමිත අතර ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 370 ක් වේ.

මූලිකව නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රධාන බස් නැවැතුම කේන්ද්‍ර කර ගනිමින් මෙය ක්‍රියාවට නැන්වෙනු ඇති අතර ඒ සඳහා බස් රථ 10ක් පමණ එක් කර ගැනීමට අපේක්ෂා කෙරෙන බව සඳහන් වෙයි.

එම බස් රථ මිලට ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් ඇති අතර මේ වසර අවසන් වීමට මත්තෙන් ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

කොළඹ කොටුව සිට ගමනාන්ත ලෙස මොරටුව, අතුරුගිරිය සහ කඩවත නගරයන් වෙත පළමු අදියර යටතේ මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර එහි ප්‍රගතිය මත ඉදිරි සැලසුම් ක්‍රියාත්මක වෙනු ඇත.

සිරිමන්ත රත්නසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here