විශ්මිත ගුණයෙන් පිරිපුන් ඔලීව් තෙල්

0
11


ඔලිව් කියන්නේ අපට හුරු පුරුදු තෙල් වර්ගයක් නෙවේ.නමුත් අපට ඔලිව් ඔයිල් සමීප මිතුරෙකු ලෙස හිතවෙතෙකු ලෙස කරන මෙන්න මේ උපකාර අමතක කරන්න පුලුවන් ද?

ඔලිව් තෙල් කෙස් වල ආතතිය පවත්වාගෙන යාමට උපකාර වනවා. මේ නිසා කෙස් කැඩී යාම් වලකිනවා. මේ නිසා ඔලිව් තෙල් මගින් හිසකෙස් පෝෂණය වනවා මෙන්ම වියළි යාමෙන්ද වලකිනවා.

ආහාරයට ඔලිව් තෙල් එකතු කර ගන්නා පුද්ගලයන්ගේ හදවත් රෝග, දියවැඩියාව, පිළිකා හා ඇදුම වැළදීමට ඇති අවධානම ඉතා අඩු බව සොයාගෙන තිබෙනවා.

සිරුරේ අහිත කර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩුකරමින් හිතකර කොලෙස්ටරෝල් වැඩිකිරීමට ඔලිව් තෙල් වලට ඇත්තේ අරුම පුදුම හැකියාවක්.

බොහෝ තෙල් වර්ග ශරීරයට අහිතකර නිසාම බොහාේමයක් ලෙඩරෝග වලදී තෙල් ආහාර වලින් වලකින ලෙස කියා සිටියත් ඔලිව් තෙල් ඒ වෙනුවට හොදම ආදේශකයක් ලෙස යොදාගන්න පුළුවන්.

පිරිසිදු කල ඔලිව් තෙල් වලට වඩා පිරිසිදු නොකල ඔලිව් තෙල් ගුණයෙන් ඉහළයි. එහි අඩංගු රසායනික ද්‍රව්‍ය බඩවැල් ආශි‍්‍රත පිළිකා, පියයුරු පිළිකා ඇතුලු පිළිකා ගණනාවකට ආරක්ෂාව සලසනවා.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට වගේම හෘද රෝග අවධානම අඩුකිරීමටත් ඔලිව් තෙල් වලට පුළුවන්. ඇදුම, ආතරයිටීස් වැනි ප‍්‍රදාහ තත්ත්වයන් පාලනය කිරීමට මෙන්ම ඔස්ටියෝපොරෝසීස් අවදානම අඩුකිරීමටත් ඔලිව් තෙල් වඩ අඩංගු සංයෝග වලට හැකි බව පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙනවා.

ඔලිව් තෙල් කියන්නේ ඉතා පහසුවෙන් ජීර්ණය වෙන තෙල් වර්ගයක්. මේ නිසා ඔලිව් තෙල් වලින් පිසගත් ආහාර ගැනීමෙන් බඩ පුරවා දැමීම වැනි අපහසු තත්ත්ව ඇතිවන්නේද නැහැ. ඉතිං පොල්තෙල්, එළවළු තෙල් වෙනුවට ආහාරයට ඔලිව් තෙල් යොදාගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here